• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය කඨින චීවරය සැකසීමට පුරාණ චාරිත්‍රානුකුලව ජනපති නුල් පිළිගන්වයි

30 October 2020
in දේශීය

රාජ්‍ය කඨින මහෝත්සවය හා පඬු පෙවීමේ මහා මංගල්‍යය නොවැම්බර් 07 සහ 08 දෙදින ඓතිහාසික සෝමාවතී පුදබිමේ දී පැවැත්වීමට බතික්, අත්යන්ත්‍ර හා දේශීය ඇගළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.

දෙවැනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු රාජ්‍ය අනුග්‍රහයෙන් කඨින මහෝත්සවයක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙයයි.

කපු වගා කර, නූල් කටිමින්, එම නූලෙන් වියන කපු රෙදි භාවිත කරමින් කඨින චීවරය මසා, පඬු පොවා සාංඝික කිරීම පෙර රජ දවසේ පැවති චාරිත්‍රයකි. එය සිහි ගන්වමින්, කඨින චීවරය සැකසීම සඳහා අවශ්‍ය නූල් අද (30) පස්වරුවේ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වෙත භාරදෙන ලදී.

මැදිරිගිරිය, බිසෝපුර ගම්වැසියෝ මේ නූල් භාවිත කරමින්, අත්යන්ත්‍ර යොදා ගනිමින් කඨින චීවරය සැකසීම හෙට (31) සිට ආරම්භ කරති. පුරා සතියක් වියනු ලබන තනි පොට සිවුර 07 වැනිදා මහා පෙරහරින් සෝමාවතී පුදබිමට වැඩම කෙරේ. සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පහමුණේ ශ්‍රී සුමංගල හිමියන්ගේ අනුශාසනා පරිදි රාජ්‍ය කඨින මහෝත්සවයේදී චීවරය සාංඝික කර පසුදින දේශීය අමුද්‍රව්‍ය යොදා ගනිමින් පඬු පොවනු ලැබේ.

මේ වසරේ සිට රාජ්‍ය කඨින මහෝත්සවය වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කර ඇත.

මෙරට වැඩ වෙසෙන 40,000කට අධික භික්ෂුන් වහන්සේට අවශ්‍ය කරන නිසි ප්‍රමිතියෙන් යුත් සිවුරු ලක්ෂයකට අධික සංඛ්‍යාවක් වාර්ෂිකව ආනයනය කෙරේ. දේශීය අත්යන්ත්‍ර භාවිතයෙන්, ඉහළ ප්‍රමිතියකින් යුතුව එම සිවුරු අවශ්‍යතාව දේශීයව සපුරාලීමට ඉදිරියේ දී පියවර ගන්නා බව දයාසිරි ජයසේකර මහතා පැවසීය.

Post Views: 11
Previous Post

උසස් පෙළ විභාගයේ දී ගිණුම්කරණ විෂයට සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිතයට අවසර

Next Post

කොරෝනා ආසාදිතයින් 6627 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා ආසාදිතයින් 6627 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved