• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනතා ආර්ථිකය ගොඩනඟන වැඩ අරඹන බව ජනපති පවසයි

18 August 2020
in දේශීය

ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථිකයක් ගොඩනැගීම අරමුණු කොට ගෙන මෙවර රාජ්‍ය අමාත්‍යාංශ ව්‍යුහය සකස් කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධීපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (17) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී රාජ්‍ය අමාත්‍යාංශ විෂය පථය සමාලෝචනය ආරම්භ කරමිනි.

බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් නිෂ්පාදනය විෂය කොට රාජ්‍ය අමාත්‍යාංශයක් නිර්මාණය කිරීමට හේතු ජනාධිපතිවරයා විසින් පැහැදිළි කරනු ලැබීය.

කොවිඩ් 19ත් සමග දැඩි අර්බුදයකට මුහුණ පා ඇති සෙසු රටවල් යථා තත්ත්වයට පත් වන තෙක් දේශීය ආර්ථිකය දියුණු නොකර ඉදිරියට යා නොහැකි බව ජනාධිපතිවරයා පැවසීය.

ඇඟළුම් කර්මාන්තය රටේ සමස්ත අපනයනයෙන් 43%ක් නියෝජනය කරයි. අපනයන ආදායමට වාර්ෂිකව ඉන් එක්කරන මුදල ඇමරිකානු ඩොලර් බිලියන 05ක් පමණ වේ. රැකියා සැපයීමේ දී සහ ප්‍රාදේශීය සංවර්ධනයේ දී ඇඟළුම් කර්මාන්තය පුරෝගාමී මෙහෙවරක් ඉටු කරයි. එය ශක්තිමත් කරමින් බතික් සහ අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදනය දියුණු කිරීම රජයේ ප්‍රධාන අරමුණක් බව ජනාධිපතිවරයා පැවසිය.

බතික් සහ අත්යන්ත්‍ර කර්මාන්තය නඟාසිටුවිමට සියලු අංශ ආවරණය කෙරෙන සැලැස්මක් සකස් කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය. එය සාර්ථක කර ගැනීමෙන් ඉදිරි පස් වසර තුළ ඇගළුම් නිෂ්පාදකයන්ට ඉහළ ස්ථාවරත්වයක් අත්කරගත හැකි බව රාජපක්ෂ මහතා පැවසීය.

“සළු සළ” වැනි ආයතන මගින් බතික් සහ අත්යන්ත්‍ර රෙදි පිළි නිෂ්පාදකයාට වෙළෙඳ පොළක් සකසා දිය හැකි බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, භණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල යන මහත්වරු හා බතික්, අත්යන්ත්‍ර රෙදි සහ දේශීය ඇඟළුම් කර්මාන්තය ආශ්‍රිත ආයතන ප්‍රධානීහු සහ ව්‍යවසායකයෝ සාකච්ඡාවට එක්ව සිටියහ.

 

Post Views: 8
Previous Post

ව්‍යාජ 5000 නෝට්ටු සමග සැකකරුවන් 03 දෙනෙකු STF අත්අඩංගුවට

Next Post

අනවශ්‍ය විවේචන නැතිව ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වන්න – රාජ්‍ය ඇමැති දුමින්ද මාධ්‍යයට කියයි

editor

editor

Next Post

අනවශ්‍ය විවේචන නැතිව ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වන්න - රාජ්‍ය ඇමැති දුමින්ද මාධ්‍යයට කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved