27 April 2024
#දේශීය

ව්‍යාජ 5000 නෝට්ටු සමග සැකකරුවන් 03 දෙනෙකු STF අත්අඩංගුවට

මුල්ලේරියාව ගල්වාන ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (17) දහවල් මෝටර් රථයක් පරික්ෂා කිරීමේ දී, මුදල් නෝට්ටු ලෙස පෙනී යන පරිදි ව්‍යාජ ලෙස සකස් කළ නෝට්ටු බන්ඩල් 128ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

රුපියල් පන්දහසේ නෝට්ටුවක එක් පැත්තක් පමණක් මුද්‍රණය කර එවැනි නෝට්ටු දෙකක් උඩ සහ යට පෙනෙන ආකාරයට තබා සකස් කළ බන්ඩල් 128ක් බෑගයක් තුළ අසුරා ප්‍රවාහනය කරමින් තිබී ඇත.

සැකකරුවන් ගමන් කළ මෝටර් රථය ද පොලිස් භාරයට ගෙන ඇති අතර ඔවුන් ජාඇල, අංගොඩ සහ මුල්ලේරියාව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මුල්ලේරියාව පොලිසිය සිදුකරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *