27 July 2024
#දේශීය

අනවශ්‍ය විවේචන නැතිව ආණ්ඩුවේ අඩුපාඩු පෙන්වන්න – රාජ්‍ය ඇමැති දුමින්ද මාධ්‍යයට කියයි

ආණ්ඩුව වැඩ පටන් ගත් අවස්ථාවේ සිට මාධ්‍ය මගින් අනවශ්‍ය විවේචනය නොකර දේශීය කර්මාන්ත නගා සිටුවීමට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති රාජ්‍යය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) සිය අමාත්‍යංශයේ රාජකාරිය කටයුතු ආරම්භ කරමින්.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය වෙත කියා සිටියේ ආණ්ඩුව පටන් ගත්ත මුල් වෙලාවේ ඉඳන්ම අනවශ්‍ය විවේචනයන් කරන්නේ නැතිව, මාධ්‍ය මගින් ලබා දෙන්න පුලුවන් සහයෝගය ලබා දෙන ලෙසයි.

එයින් හැගෙවන්නේ විවේචන කරන්නට එපා යැයි නොවන බවත් හොඳ දේ මාධ්‍ය මගින් ප්‍රචාරණය කරන ලෙසත් අඩුපාඩු පෙන්වා දෙන ලෙසයි යැයි ඔහු අවධාරණය කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් දිසානායක මහතා කියා සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම අනුව 2030 වසර වන විට මෙරට 80% ක් පුනර්ජනනීය බලය මගින් විදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය නායකත්වය ලබා දෙන බවයි. එසේම මෙම කේෂ්ත්‍රයේ පෞද්ගලික ව්‍යාපාරික අංශය ඉතා වැදගත් වන බවත් ලංකාවේ ඉන්න සියලුම ව්‍යාපාරිකයන්ට, ධානපතියන්ට පුනර්ජනනීය බලය නිෂ්පාදනය කිරීම සඳහා විදුලිය නිෂ්පාදනය කිරීම සඳහා ඒ අය දේශීය කර්මාන්ත නගා සිටුවන්න ඒ වගේම දේශීය කර්මාන්තයට තාක්ෂණය ගේන්න අමාත්‍යංශය සමඟ අත්වැල් බැඳගන්නා ලෙස දිසානායක මහතා මෙහිදී ආරාධනා කර සිටියේය.

එම අවස්ථාවට හිටපු ජනපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාලද සිල්වා, මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලන නියෝජිතයින් පිරිසක් සහභාගි වුහ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *