• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ජනපතිගේ කතාව හොදයි – ක්‍රියාවයි වැදගත් – විපක්ෂනායක සජිත්

3 August 2022
in දේශීය

ජනාධිපතිවරයා විසින් අද සිදු කරන ලද කතාව මහපොළොවේ යථාර්ථයත් වේ යැයි සිතන බවත් සර්ව පාක්ෂික රජයක් සහ පාර්ලිමේන්තු කමිටු හරහා රට නැවත නගා සිටුවීමේ වැඩසටහනට සවියක් වෙන්න විපක්ෂයක් ලෙස තමන් ඇතුළු පිරිස සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ‍

විපක්ෂනායකවරයා මේ බව පැවසුවේ අද (03) පාර්ලිමේන්තු නව සභාවාරය අවසානයේ මාධ්යවේදීන් අමතමිනි.

ජනාධිපතිවරයාගේ සමස්ත කතාව දෙස බැලීමේදී එය ධනාත්මක හරයාත්මක කතාවක් බව පැවසූ විපක්ෂ නායකවරයා කරුණු ඒ අයුරින්ම ක්‍රියාත්මක විය යුතු බවත් පැවසීය.

එසේම මේ කතාවේ සාධනීයම පැතිකඩ ලෙස සර්ව පාක්ෂික එ්කාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක විය යුතු අාකාරය සම්බන්ධයෙන් මෙහි ප්‍රතිපාදන සදහන්ව අැති බවත් එහි දී එක් පැත්තකින් පක්ෂ නායකයන්ගෙන් සමන්විතවන සභාවක් හරහා කටයුතු කිරීමත්, අනෙක් අතින් ප්‍රජා සහභාගීත්ව රාජ්‍ය පාලනයක් උදෙසා මහජන සභාවක් නිර්මාණය වීමත් අධීක්ෂණ කමිටු ක්‍රියාත්මක වීමත් දක්නට ලැබෙන බවත් එකී කටයුතු අගය කරන බවත් හෙතෙම පැවසීය. 

එසේම එම පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු වර්තමාන බලතලවලින් ඔබ්බට ගිය ශක්තිමත් කමිටු ක්‍රමයක් හරහා ක්‍රියාත්මක විය යුතු බවට තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවද විපක්ෂ නායකවරයා පැවසීය.

ඉදිරි සර්ව පාක්ෂික වැඩපිළිවෙළක ප්‍රධාන රාමුවේ කොටස් 3 මෙහි සඳහන්ව ඇති බැවින් කවුරුන් හෝ ඇමති කටු සූප්පු කර අවස්ථාවාදී සර්ව පාක්ෂික පාලනයකට ප්‍රවිශ්ඨ වීමට උත්සාහ කරන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් නොවන බවත් එය ජනතාවගේ කරපිට බරක් පටවන පාලනයක් බවත් එම කරුණු ජනාධිපතිවරයාගේ කතාවේ අඩංගු නොවීම ගැන තමා සතුටු වන බව ද විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ජාතික සභාව ශක්තිමත් කිරීම, පක්ෂ නායකයන්ගේ සභාව ශක්තිමත් කිරීම සහ ආංශික අධීක්ෂණ කමිටු බලගන්වා මේ ගමන ඉදිරියට යනවා නම් එය වඩාත් ප්‍රශස්ත බවත් ඒ මහතා පැවසීය.

ප්‍රතිපත්ති පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවත් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බවත් එසේ ක්‍රියාත්මක වීමේදී පාර්ලිමේන්තු ආංශික සභා හරහා පමණක් තම සහයෝගය ලබා දීමට කැමති බවත්  විපක්ෂ නායකතුමා  වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 15
Previous Post

බාරගත්තේ විපත්තියට ඇද වැටුණු රටක්…අනාගතය ගොඩනංවනවා – ජනපති

Next Post

රනිල් රට වැටී තිබෙන ප්‍රපාතයට වගකිව යුතු ප්‍රධානම පුරුක්වලින් කෙනෙක් බව අනුර කියයි

editor

editor

Next Post

රනිල් රට වැටී තිබෙන ප්‍රපාතයට වගකිව යුතු ප්‍රධානම පුරුක්වලින් කෙනෙක් බව අනුර කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved