27 April 2024
#දේශීය

ප්‍රේමලාල්ගේ නඩු තීන්දුව සඳහා බලපෑම් නොකල බව ජනපති කියයි

ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා සම්බන්ධ අධිකරණ ක්‍රියාවලියට තමා හෝ අගමැතිවරයා කිසිදු බලපෑමක් නොකළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ රාජ්‍ය අමාත්‍යවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමේදී විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පොදුජන පෙරමුණේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ගැන අධිකරණය දුන් තීන්දුව මුල්කොට ගෙන විපක්ෂය සහ එහි හිතවතුන් සමාජ ගත කරමින් තිබෙන අදහස්වලට පිළිතුරු ලබා දෙමින්.

ජනාධිපතිවරයා කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වැනි සංශෝධනයේ අරමුණ 19 වැනි සංශෝධනයෙන් පනවා ඇති බාධක ඉවත් කොට ඉදිරියට යාමක් බලාපොරොත්තු වන බවයි.

එසේම සියල්ල එකවර වෙනස් කිරීමට හැකියාවක් නොමැති බවත් ඊට විශාල කාලයක් ගත වන බව හෙතෙම පැවසිය. එසේම විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙන අතර 19 වැනි සංශෝධනයේ ඇතැම් ලක්ෂණ එසේම තබාගන්න අවශ්‍ය බව ජනාධිපතිවරයා කියා සිටියේය.

එසේම මූලික අරමුණ ජනාධිපති ධුර කාලය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි වැඩ කරගෙන යාම බව ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *