ජනාධිපති මන්දිරවල පිටස්තර පුද්ගලයන් නවාතැන් ගෙන ඇති බවට පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජනාධිපති මාධ්‍ය අංශය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
2025 වර්ෂය තුළ ජනාධිපති මන්දිර පරිශ්‍රයන්හි පිහිටි වෙනත් ගොඩනැගිලිවල නවාතැන් ගෙන ඇත්තේ ආරක්ෂක අංශ, මාධ්‍ය සහ අනෙකුත් අංශවල රාජකාරි නිලධාරීන් පමණක් බවත්, කිසිදු නිලධාරියෙකු ජනාධිපති මන්දිර තුළ නවාතැන් ගෙන නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
















