27 April 2024
#දේශීය

සිරගෙදරින් පාර්ලිමේන්තු ආ ප්‍රේමලාල් මන්ත්‍රී ධුරයේ දිවුරුම් දෙයි

මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතා අද (08) පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කථානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මරණීය දණ්ඩනය නියම වී සිටින ප්‍රේමලාල් ජයසේකර මහතාට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගි වීම සඳහා අවසර දෙන ලෙසත් ඒ සඳහා ඔහු පාර්ලිමේන්තුව වෙත රැගෙන යාමට පියවර ගන්නා ලෙසත් දන්වමින් අභියාචනාධිකරණය විසින් ඊයේ (07) දිනයේ දී බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කර තිබුණි.

ඒ අනුව අද (08) ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වීමට බන්ධාගාරයේ වෑන් රථයකින් රැගෙන ආවේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *