• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පැල්පත් නිවාස සම්බන්ධ ජිවන්ගේ ඉල්ලීමට අගමැති මහින්ද අවධානය යොමු කෙරේ

22 October 2020
in සංවර්ධන

හැටන් නගරයේ පිහිටා ඇති 3000කට අධික පැල්පත් නිවාස ඉන් ඉවත් කර එම පැල්පත්වාසීන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කළ යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ සෞභාග්‍යයේ දැක්ම යටතේ මෙරට ප්‍රධාන සහසම්බන්ධිත නගර සංචාරකයින් සඳහා ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනට සමගාමීව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ හමුවක් ඊයේ(21) පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

මෙම හමුවේදී නුවරඑළිය නගරය හා ඒ අවට ප්‍රදේශය දේශීය හා විදේශීය සංචාරකයින්ට සුදුසු සංචාරක පුරවරයක් බවට පත් කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු විය.

නුවරඑළිය නගරය ආශ්‍රිතව දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය දිනා ගත් ග්‍රෙගරි වැව හා තුරඟ තරග පිටිය ආශ්‍රිත ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා අග්‍රමාත්‍යවරයා මෙහිදී උපදෙස් ලබා දුන්නේය.

ඒ යටතේ නුවරඑළිය නගරය උපරිම සංවර්ධනයක් කරා රැගෙන ඒම, තුරඟ තරග නැවත ආරම්භ කරමින් නගරය ආශ්‍රිතව පවත්නා උද්‍යානවල ගුණාත්මක භාවය ඉහළ නැංවීම, නුවර එළිය නගරය තුළ ක්‍රීඩා පහසුකම් වර්ධනය කිරීම, ප්‍රදේශයට ආවේනික සංවේදී පරිසර කලාප ආරක්ෂා කිරීම, කේබල් කාර් ව්‍යාපෘතිය සහ තේමා උද්‍යානයේ කටයුතු ආරම්භ කරමින් සංචාරක පහසුකම් උපරිම තත්ත්වයක් යටතේ සංවර්ධනය කිරීමට අග්‍රමාත්‍යවරයා මෙහිදී අදාළ අංශ දැනුවත් කළේය.

නුවරඑළිය නගරය ආශ්‍රිත මාර්ග සංවර්ධන වැඩකටයුතු අවසන් අදියරේ ඇති බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතාගේ ඉල්ලීමකට අනුව හැටන් නගරයේ පිහිටා ඇති 3000කට අධික පැල්පත් නිවාස ඉන් ඉවත් කර එම පැල්පත්වාසීන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු වී ඇති බව පැවසීය.

හැටන් නගර සංවර්ධන කටයුතු පිළිබඳව මෙහිදී විශේෂ අවධානයත් යොමු වූ අතර හැටන් සිට තලවකැලේ, ශ්‍රීපාදය දක්වා වූ ප්‍රදේශය සංචාරක පහසුකම් වැඩි දියුණු කරමින් සංවර්ධන කිරීමට ද අග්‍රාමාත්‍යවරයා උපදෙස් දුන්නේය.

මේ යටතේ කාසල්රී ජලාශය ආශ්‍රිත ප්‍රදේශය ද සංචාරකයින් සඳහා වැඩිදියුණු කරමින්, කොටගල ආශ්‍රිත තෙත් බිම් සංරක්ෂණය කඩිනම් කිරීමට ද නියමිතය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය සී.බී රත්නායක, රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.බී.දිසානායක, නිමල් පියතිස්ස, එම්. රමේෂ්වරන්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ලේකම් සිරිනිමල් පෙරේරා හා නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර, නියෝජ්‍ය අධ්‍යක්ෂක (නුවරඑළිය දිස්ත්‍රික්) රංජිත් බණ්ඩාර මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 6
Previous Post

මන්ත්‍රී රිෂාඩ් පාර්ලිමේන්තු රැස්වීම් වලට සහභාගී කරවන ලෙස පාර්ලිමේන්තුවෙන් දැනුම්දීමක්

Next Post

කොරෝනා ආසාදිතයින් 2558 දක්වා ඉහලට

editor

editor

Next Post

කොරෝනා ආසාදිතයින් 2558 දක්වා ඉහලට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved