27 April 2024
#දේශීය

‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව සඳහා අගමැති වියට්නාමයට

ලෝක ආර්ථික සමුළුවේ ආරාධනය මත ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වියට්නාමයේ හැනොයි නුවර පැවැත්වෙන ‘ආසියාන්’ ලෝක ආර්ථික සමුළුව සඳහා සහභාගී වීමට අද (10) පිටත්ව යනු ඇත.

ආසියාන් සංවිධානයට අයත් රටවල හා අනෙකුත් ආසියානු රටවල ඉහළ පෙළේ නායකයින් ගණනාවක් හැනොයි සමුළුවට සහභාගී වීමට නියමිතය. කලාපීය අනාගත ආර්ථික පූරෝකථන, ප්‍රවණතා සහ අභියෝග පිළිබඳව සමුළුවේ දී අවධානය යොමු කරනු ඇත.


සමුළුවේ ආරම්භක සැසිවාරයේ දී වියට්නාම් අග්‍රාමාත්‍ය ග්යෙන් ෂුන් ෆුක් (ඩ් H.E. Nguyen Xuan Phuc) මහතා පිළිගැනීමේ කතාව පවත්වන අතර, සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලූන් (H.E. Lee Hsien Loong) සහ චීන උප අග්‍රාමාත්‍ය හූ චුන්හ්වා (Hon. Hu Chunhua) මහත්වරුන් අදහස් දැක්වීමට නියමිතය.

 

ආසියන් රටවල නායකයින් ගේ සාකච්ඡා මණ්ඩපයක් ද එහිදී පැවැත්වෙනු ඇත. ශ්‍රී ලංකා දූත පිරිසට සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීන් අයත්ය.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *