කොළඹ, වරාය පිවිසුම් මාර්ගයේදී (Port Access Road) විශාල යකඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ අතිදැවැන්ත ප්‍රයිම් මුවර් (Prime Mover) වර්ගයේ බහාලුම් ප්‍රවාහන රථයක් බරපතල අනතුරකට ලක්ව තිබේ. පසුගිය 19 වන දින (අඟහරුවාදා) රාත්‍රී කාලයේදී මෙම අනතුර සිදුව ඇත.
පොලිස් රථවාහන අංශය සඳහන් කරන්නේ, ධාවනය වෙමින් තිබූ මෙම බර වාහනයේ රියදුරාට ක්ෂණිකව නින්ද යාම ( drowsiness ) හේතුවෙන් රථයේ පාලනය ගිලිහී ගොස් ඇති බවයි. එහිදී මාර්ගයෙන් ඉවතට ඇදී ගිය ප්‍රයිම් මුවර් රථය, මාර්ගය පසෙක ඉදිකර තිබූ ආරක්ෂිත කොන්ක්‍රීට් තාප්පයේ සෘජුවම ගැටී නතර වී ඇත. අනතුරෙන් රථයේ ඉදිරිපස කොටසට දැඩි හානි සිදු වී ඇති අතර, වරාය පිවිසුම් මාර්ගයේ රථවාහන ධාවනයට ද මින් සුළු බාධා එල්ල විය. කෙසේ වුවද, අනතුරෙන් සිදුවූ ජීවිත හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති අතර, වරාය පොලීසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.















