• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

බන්ධනාගාරවල ඉඩ පහසුකම් කඩිනමින් සකස් කල යුතුයි – රාජ්‍ය ඇමැතිනි සුදර්ශිනි කියයි

23 August 2020
in සංවර්ධන

ශ්‍රී ලංකාවේ බන්ධනාගාර පද්ධතිය තුළ පවතින කළමනාකරණ ගැටළුවක් වී ඇත්තේ බන්ධනාගාර තුල පවතින සිරකරු තදබදය ඇතිව තිබෙන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ ඊයේ (22) එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබද කාර්යාලය (UNODC), ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සමග එක්ව බන්ධනාගාර නිලධාරීන් සදහා කොළඹ මූවන්පික් (Movenpick) හෝටලයේ සංවිධානය කල කළමනාකරණ පුහුණු වැඩමුළුවේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින්. එහිදී ඇය කියා සිටියේ රැඳවියන්ගේ තදබයට හේතුවක් වී ඇත්තේ රිමාන්ඩ් රැඳවියන්වන අතර, 20000ක පමණ රිමාන්ඩ් රැඳවියන් ප්‍රමාණයක් දැනට බන්ධනාගාරවල සිටින නිසා බවය.

මෙම තත්වය සමග කටයුතු කිරීමට ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යාවශ්‍ය බව රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය. බන්ධනාගාර කාර්ය මණ්ඩල හිගයද බන්ධනාගාර පද්ධතියෙහි පවතින තවත් ගැටළුවක් වන අතර ලෝකයේ දැනට භාවිතාවන ආකාරයේ බන්ධනාගාර කළමනාකරණ පද්ධතියක් හදුන්වාදී ඉදිරියට ගෙනයමින් උක්ත කී ගැටළු විසඳා ගැනීම අත්‍යාවශ්‍ය බවත් නව රජය තාක්ෂණය කෙරෙහි විශේෂ අවධානයක් යොමුකරමින් බන්ධනාගාර නවීකරණය කිරීම සදහා කැපවන බවත් රාජ්‍ය අමාත්‍යතුමිය වැඩිදුරටත් සදහන් කරන ලදි.

මෙම අවස්ථාවට බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් චින්තාමනී කරුණාරත්න, යුරෝපා සංගමයේ තානාපති ඩෙනිස් චාබි , එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හැනාර් සිගර්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය යන මහත්ම මහත්මීන් සහභාගී විය.

Post Views: 21
Previous Post

කොරෝනා රෝගියෙකු මියයයි

Next Post

ගංජා මිශ්‍ර මාවා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

editor

editor

Next Post

ගංජා මිශ්‍ර මාවා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved