නුවරඑළිය බස් නැවතුම්පොළ අසළ, ග්‍රෙගරිවැව ආසන්නයේදී පෞද්ගලික බස් රථයක් තලගල ඔයට පෙරළී අනතුරක් සිදු වී තිබේ. අද (08) දින මෙම අනතුර සිදුව ඇත්තේ නුවරඑළියේ සිට ශාන්තිපුර දක්වා ධාවනය වන බස් රථයක් ගාල් කිරීමට උත්සාහ කිරීමේදී රියදුරුට එය පාලනය කරගත නොහැකි වීම හේතුවෙනි. අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා පමණක් සිට ඇති අතර, ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව නුවරඑළිය පොලීසිය පවසයි.
















