ලකුණු කරන ලද මිල කපා හැර ඖෂධ අලෙවි කිරීම සඳහා ප්‍රදර්ශනය කර තිබූ පෞද්ගලික ආරෝග්‍ය වෛද්‍ය මධ්‍යස්ථානයක හිමිකරුවෙකුට රුපියල් දසදහසක දඩ මුදලක් ගෙවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්. ඩී. දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය අද (16) නියෝග කළාය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු තොරතුරක් මත සිදු කළ වැටලීමකදී මෙම ඖෂධ අලෙවිය සඳහා ප්‍රදර්ශනය කර තිබියදී සොයාගෙන ඇත. එම නඩුව අද කැඳවූ අවස්ථාවේදී පාරිභෝගික අධිකාරියේ විමර්ශන නිලධාරීන් කරුණු දක්වමින් පවසා සිටියේ ලකුණු කළ මිල කපා හැර ඖෂධ අලෙවි කිරීමට සූදානම් කර තිබූ බවයි. එම කරුණු සලකා බැලූ අධිකරණය අදාළ දඩ මුදල නියම කෙරිණි.













