27 April 2024
#දේශීය

විදේශ රැකියා කරන ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න කඩිනමින් විසඳනවා – ඇමති දිනේෂ් කියයි

විදේශ රැකියා කරන ශ්‍රමිකයන්ගේ ප්‍රශ්න කඩිනමින් විසඳීම සඳහා එක්සත් ජාතින්ගේ ශ්‍රමික සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානය සමඟ ද්වීපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීමට කටයුතු කරන බව විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකීරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහාතා පවසයි.

විදේශ සබඳතා, නිපුණතා සංවර්ධන, රැකිරක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යංශය පැවසුවේ මෙම ගිවිසුම් අත්සන් කිරීම තුලින් ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයන්ගේ ගැටළු වලට ඉක්මන් විසඳුම් ලබා ගත හැකි වනු ඇති බවයි.

යුරෝපය, මැදපෙරදිග, ජපානය, කොරියාව, මැලේසියාව ආදී රටවල රැකියා කරනු ලබන ශ්‍රී ලාංකිකයන් විවිධ ගැටළුවලට මුහුණ පා සිටින අතර ඔවුන්ගේ සෞඛ්‍ය හා ජීවිත සුරක්ෂිතතාවය තහවුරු කිරීම, ඔවුන් රැකියා වලින් උපයන ආදායම වැඩිකර දීම, පාරිතෝෂික ගෙවීම් කඩිනම් කර දීම, මෙම ද්වීපාර්ශීය ගිවිසුම් අත්සන් කිරීම තුළින් ඉටුවේ.

තවද විශ්‍රාමික යෝජනා, විදේශ රැකියා අර්ථසාධක අරමුදල් හා එයට හිමිවන තැන්පත් මුදල් ලබා ගැනීම, මුදල් එවීමේ දී අයකරනු ලබන ඉහළ ගාස්තු අඩු කර ගැනීමට ශ්‍රී ලංකාවේ කම්කරු අමාත්‍යංශය හා එක්සත් ජාතීන්ගේ ශ්‍රමික සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධාන සමඟ සමීප සම්බන්ධතාවයකින් කටයුතු කිරීමට ක්‍රියා කරන බවද අමාත්‍යවරයා පැවසිය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *