• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

හදිසි අවස්ථා ප්‍රකාශනය වැඩි ඡන්දයෙන් සම්මතයි

27 July 2022
in දේශීය

මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබඳ යෝජනා සම්මතය අද (27) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 57 කින් සම්මත විය.

ඊට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 63 ක් හිමි විය.

අද පෙරවරුවේ රැස් වු පාර්ලිමේන්තුවේදි සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් මහජන ආරක්ෂක පනත යටතේ වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරන ලද හදිසි අවස්ථා ප්‍රකාශනය පිළිබද යෝජනා සම්මතය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සිටියේය.

පක්ෂව සහ විපක්ෂව අදහස් පළ කරමින් පැවති විවාදය අවසානයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව ඡන්ද විමසීම පැවැත්විණි.

මහජන ආරක්ෂක ආඥා පනතේ 2 වගන්තිය යටතේ 2022.07.17 දින කරනු ලබන ප්‍රකාශනය මගින් ඉහත කී ආඥා පනතේ 2 වන කොටසේ විධිවිධාන ශ්‍රී ලංකාව මුළුල්ලේම 2022 ජුලි මස 18 වැනි දින සිට ක්‍රියාත්මක විය යුතු බව එවකට වැඩබලන ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර ඇත.

ඉහත කී ප්‍රකාශනය කිරීමට හේතුව මහජන සාමය ආරක්ෂා කිරීම හා මහජනතාවගේ ජීවිතයට අත්‍යවශ්‍ය සැපයුම් හා සේවා පවත්වාගෙන යාම සඳහා බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155 වන ව්‍යවස්ථාවේ 4 වන අනු ව්‍යවස්ථාව අනුව ක්‍රියා කරමින් පාර්ලිමේන්තුව වෙත දැනුම් දෙන බවත් එහි වැඩිදුරටත් සදහන් වේ.

මහජන ආරක්ෂක ආඥා පනත අනුව මෙම ප්‍රකාශනය දින 14 ක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් අනුමත කළ හොත් මාසයක කාලයක් සදහා වලංගු වේ. දින 14 ක් ඇතුළත එම ප්‍රකාශනය සදහා පාර්ලිමේන්තුවේ අනුමතිය නොලැබුණ හොත් එය අවලංගු වේ. එසේම සෑම දින 30 කටම වරක් හදිසි අවස්ථා තත්ත්වය පාර්ලිමේන්තුවේ අනුමැතිය සහිතව දීර්ඝ කළ හැකිය.

 

Post Views: 8
Previous Post

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ජනපති හමු වෙයි

Next Post

තරුණයින් බලාපොරොත්තු වු වෙනස අපිත් පිළිගන්නවා – ජනපති

editor

editor

Next Post

තරුණයින් බලාපොරොත්තු වු වෙනස අපිත් පිළිගන්නවා - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved