27 April 2024
#දේශීය

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනිය ජනපති හමු වෙයි

ඇමරිකා එක්සත් ජනපද තානාපතිනි ජූලි චංග් මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වෙයි. හමුව අද (27) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපතිවරයා වෙත සිය සුබපැතුම් පිරිනැමු තානාපතිනිය සුහද කථා බහක නිරත වූවාය.

ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරුණු අතර නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සහාය ලබා දෙන බවට ද තානාපතිනිය සහතික වූවාය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *