27 April 2024
#දේශීය

මධ්‍යම පළාතේ පාසල් 125 ජාතික පාසල් ලෙස සංවර්ධනයට පියවර ගැනේ

ජාතික පාසල් දහස වැඩසටහන යටතේ මධ්‍යම පළාතේ පාසල් 125 ජාතික පාසල් ලෙස සංවර්ධනයට පියවර ගෙන ඇති බව මධ්‍යම ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කරමින් පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහන යටතේ මෙම කටයුතු සිදු වන බවද ආණ්ඩුකාරවරයා පැවසිය.

සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ සදහන් කර ඇති පරිද්දෙන්ම ජනතාවට වඩා හොද හෙට දවසක් වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැක්ම සහ නායකත්වය මත පදනම් ව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේත්, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේත් මෙහෙයවීම මත රට අභියෝග මධ්‍යයේ වූවත් සංවර්ධනය කරමින් ඉදිරියට යන ගමන සදහා සියලු දෙනා එක් ව සහයෝගය ලබා දිය යුතු බවයි.

නිදහස් අධ්‍යාපනයක් නිදහස් සෞඛ්‍යයක් ඇතුළු සියලු දේ රටින් භුක්ති විදින්නන් වශයෙන් රටට කරන ප්‍රති උපකාරය කුමක් ද යන්න සියලු දෙනා සිතා බැලිය යුතු කාලය එළඹි ඇති බවත් රටට හිතැති යහපත් ආකල්ප වලින් පිරිපුන් මතු පරපුරක් නිර්මාණය කිරීම වර්තමාන දරු පරපුරේ ආකල්ප සංවර්ධනයෙන් ආරම්භ කළ යුතු ව බවද ගමගේ මහතා පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *