27 April 2024
#දේශීය

මාතලේ ප්‍රාදේශිය සභාවේ සේවකයින් 12 ක් ස්ථානමාරුවිම් සිදු කළාට විරෝධය

මාතලේ ප්‍රාදේශීය සභාවේ කළමණාකරණ සේවා නිලධාරි/සංවර්ධන නිලධාරින් සදහා වාර්ෂික ස්ථානමාරුවිම් ලබා දිමේදි සභාවේ නිලධාරින් 12 දෙනෙකු ස්ථානමාරු කිිරිම පිළිබදව දැඩි අප්‍රසාදය පළ කරන බව මාතලේ ප්‍රාදේශිය සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් පවසයි.

මාතලේ පලාපත්වල පිහිටි සභා රැස්විම් ශාලවේදි පැවති මාසික මහ සභා රැස්විමේදි විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අදහස් දැක්වු මාතලේ ප්‍රාදේශිය සභාවේ සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතා කියා සිටියේ මේ නිසා සභාවේ කටයුතු සිදු කරගෙන යාමට නොහැකි බැවින් ස්ථානමාරුවිම් සිදු කරන ලද පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සභාවේ වැඩකටයුතු සිදු කරගෙන යන ලෙස ලිඛිතව දන්වා යැවු බවය.

වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා සිටියේ මාතලේ ප්‍රාදේශිය සභාව කියන්නේ අපි ඉල්ලක්ක අනුව වැඩ කරන්නේ.නමුත් මේ නිලධාරින් අපි හොදින් පුහුණු කළා.

ඒ නිලධාරින් එකවරම ස්ථානමාරුවිම් කරලා.මේ තත්වය මත අපට වැඩ කරන්න බැහැ.මේ පිළිබදව කොමිෂන් සභාව එක්ක කතා කළා.නමුත් තාම ප්‍රතිචාර නැහැ.මේ පිළිබදව පළාත් ආණ්ඩුකාරවරයාට සහ පළාත් ලේකම්වරයාට සහ පළාත් පාලන කොමසාරිස්වරයා වෙත දැන්වුවා.නිලධාරින් ඒ සි කාමරවල ඉදන් මේ කටයුතු කරන්නේ යැයිද සභාපතිවරයා පැවසිය.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *