• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ නගර සිමාව තුළ ජිවත්වන පවුල්වලට වියළි සලාක ලබා දෙයි

23 November 2020
in වෙනත්

පවතින ව්‍යසන තත්වය හමුවේ කොළඹ මහ නගර සභා සීමාව තුළ ජිවත් වන පවුල් 70,000 ක් සඳහා රුපියල් 3,000 ක් පමණ වටිනාකමකින් යුත් වියළි සලාක ලබා දීමේ පළමු අදියර ලෙස පවුල් 2500 ක් සඳහා වියළි සලාක ලබා දිම නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මියගේ අධීක්ෂණයෙන් අද දින (23) සිදු කෙරුණි.

එහිදී ලුණු පොකුණ පවුල් 1000 ක් සඳහා සහ අලුත් මාවත පවුල් 1,500 ක් සඳහා වියළි සලාක ලබා දීම සිදු කෙරිණි.

එහිදී අදහස් දැකුවූ නගරාධිපතිනිය, “ අද දින අලුත්මාවත සහ ලුණු පොකුණ ප්‍රදේශ වල පවුල් 2500 ක් සඳහා වියළි සලාක ලබා දීම සිදු කරනවා. අද දින සිට පවුල් 70,000 ක් සඳහා වියළි සලාක ලබා දීමට කටයුතු කරනවා. ඉදිරියේදී මෙම 70,000 ට අමතරව තව පවුල් 30,000 ක් සඳහා වියළි සලාක ලබා දීමට කටයුතු කරනවා. මාගේ බලාපොරොත්තුව පවුල් 100,000 ක් සඳහා වියළි සලාක ලබා දීමයි. මේ සඳහා නාගරික මන්ත්‍රීවරු 119 දෙනාම විශාල සහයෝගයක් ලබා දෙනවා. ඔවුන් ඉදිරි වසරවල් වලදී සිදු කිරීමට නියමිතව තිබූ ව්‍යාපෘති වලට යොදවා තිබූ මුදල් ජනතාව වෙනුවෙන් වෙන් කරපු නිසා තමයි අද දින පවුල් 70.000 ක් සඳහා වියළි ආහාර මළු ලබා දීමට අපිට හැකියාව ලැබුණේ. මේ ව්‍යාපෘති පැත්තකින් දාලා අපි ජනතාව ජීවත් කරවමු කියන තැන ඔවුන් අද සිටිනවා. මේ පිළිබඳව මම ඉතාමත් සතුටට පත් වෙනවා. වියළි සලාක ජනතාව වෙත ලබා දීමේදී පොලිසියෙන් සහ හමුදාවෙන් විශාල සහයෝගයක් අපිට ලබා දුන්නා. ඒ පිළිබඳව හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතාට මාගේ විශේෂ ස්තූතිය පුද කරනවා. මා කලින් සිදු කල ඉල්ලිමක් මත මේ වන විට කොළඹ නගර සභා සීමාව දැඩි පාලනයක් යටතේ ක්‍රියාත්මක වෙනවා. මේ හේතුව නිසාම අපට රජයෙන් ලැබෙන සහයෝගයත් සමඟ හුදකලා කර ඇති ප්‍රදේශ හැකි ඉක්මනින් නැවත ජනතාවට විවෘත කිරීමට හැකි වේවි කියලා මම විශ්වාස කරනවා. අපි ගිය මාසයේ කොළඹ නගර සභා සිමාව තුළ පවුල් 13,000 ක් සඳහා මහජන ආධාර මුදල් ලබා දීමට කටයුතු කලා වගේම ලබන මාසයේදීත් එම මුදල ලබා දීමට කටයුතු කරනවා. මහජන ආධාර දෙපාර්තමේන්තුව මඟින් මේ වන විට සනීපාරක්ෂක ද්‍රව්‍ය කට්ටල 5,000 ක් බෙදා දිමේ වැඩකටයුතු ආරම්භ කර තිබෙනවා. හුදකලා කර ඇති ප්‍රදේශ වල ජනතාවට online සේවාවන් හරහා වෛද්‍යවරුන් සමඟ සම්බන්ධවීමටත් නගර සභාව හරහා පහසුකම් සපයා දී තිබෙනවා. මධ්‍යම රජයෙන් ජනතාව වෙත රුපියල් 5000ක දීමනාව ලබා දීමට කටයුතු කලා.ඒ ලබා දුන් රුපියල් 5000 ක දීමනාවට අමතරව කොළඹ මහ නගර සභාව හරහා ජනතාවට ලබා දිය හැකි උපරිම සේවාවන් ලබා දීමට කටයුතු කරනවා. රජයෙන් කොරෝනා ආසාදිත පවුල් වලට පමණක් රුපියල් 10,000 ක වියළි ආහාර මල්ලක් ලබා දුන්නා.නමුත් හුදකලා කර ඇති ප්‍රදේශ වල විශාල ජනතාවක් ජීවත් වෙනවා. ඔවුන්ට එදා වේල හම්බ කරගනන්න බැරිව ඔවුන් අසරණ වු වෙලාවක තමයි අපි පවුල් 70,000 ත් 100,000 ක් අතර පිරිසකට වියලී සලාක ලබා දීමට කටයුතු කලේ. ජනතාවට අපේ සහය අවශ්‍යම අවස්ථාවේදී ඔවුන්ව අපි තනි නොකල යුතුයි. අපි සියලුම දෙනා සහයෝගයෙන් මේ අවස්ථාවේදී කටයුතු කලොත් මම විශ්වාස කරනවා අපිට මේ ව්‍යසන තත්වය ජයගන්න පුළුවන් කියලා.

මෙම අවස්ථාව සඳහා නාගරික කොමසාරිස් නීතිඥ රෝෂීණී දිසානායක මහත්මිය සහභාගී විය.

Post Views: 23
Previous Post

තමිල්නාඩුවේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙනවීමට පියවර ගන්නවා- ඇමැති දේවානන්දා පවසයි

Next Post

පාසල් සිසුන්ගේ මෙන්ම ගුරුවරුවන්ගේ පැමිණිම සතුටුදායක බව අධ්‍යාපන ලේකම් කියයි

editor

editor

Next Post

පාසල් සිසුන්ගේ මෙන්ම ගුරුවරුවන්ගේ පැමිණිම සතුටුදායක බව අධ්‍යාපන ලේකම් කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved