27 April 2024
#දේශීය

තමිල්නාඩුවේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයින් ලංකාවට ගෙනවීමට පියවර ගන්නවා- ඇමැති දේවානන්දා පවසයි

කොවිඩ් 19 හේතුකොට ගෙන තමිල්නාඩුවේ සිරවී සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව මව්රටට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

ඉන්දියාවේ සිටින ලංකාවට පැමිණීමට කැමති පුද්ගලයන් පිළිබද සියලු විස්තර තමා වෙත ලබා දෙන ලෙස අමාත්‍යවරයා ඉල්ලා සිටී.

නොයොකුත් අවශ්‍යතාවන් හා වුවමනා නිසා ඉන්දියාවට විශේෂයෙන් තමිල්නාඩුවට ගොස් ආපසු පැමිණීමට නොහැකිව සිටින ලාංකිකයින් 1500ක් තමිල්නාඩුවේ සිර වී සිටින බවද මේ පිළිබදව තමා විසින් අවශ්‍ය පාර්ශවයන් දැනුවත් කර ඇති අතර හදිසි කාරණා නිසා කෙටි කාල සංචාර වලට ගොස් මවු රටට පැමිණීමට නොහැකි වී දීර්ඝකාලීනව මුහුණ දී ඇති ගැටළු සම්බන්ධයෙන් තමා දැනුවත් වී සිටින හෙයින් එම ගැටළු වලින් පීඩාවිදින ලාංකිකක ජනතාව මුදා ගැනීම තම වගකීමක් බවද අමාත්‍යවරයා පවසා සිටී.

තවද මේ පිළිබදව ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කොට මෙම ප්‍රජාව ආරක්ෂිතව ලංකාවට ගෙන ඒමට කටයුතු කරන බවත් එසේ ලංකාවට පැමිණීමට කැමති අය 0760885167, 0769122831,හා +0919003067621 යන දුරකථන අංක වලට ඇමතා තමන්ගේ විස්තරයන් ලබා දෙන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටී.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *