දැරණියගල ප්‍රදේශයේදී පොලිසිය සහ ප්‍රදේශවාසීන් පිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී ගැටුම සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදු කිරීමට තීරණය කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සඳහන් කළේ, මෙම සිද්ධිය පිළිබඳව නිවැරදි සහ අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ (SIU) නිලධාරීන්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් පත් කර ඇති බවයි.
දැරණියගල ප්‍රදේශයේ ඇති වූ එම ගැටුම්කාරී තත්ත්වය පිළිබඳව මූලික කරුණු වාර්තා වීමත් සමඟ අමාත්‍යවරයා මෙම පියවර ගෙන ඇත. අදාළ සිදුවීමට සම්බන්ධ කරුණු සෙවීමටත්, නීතිය සහ සාමය ක්‍රියාත්මක කිරීමේදී යම් අක්‍රමිකතාවක් හෝ සිදුවී ඇත්දැයි සොයා බැලීමටත් මෙම විශේෂ කණ්ඩායම කටයුතු කරනු ඇත.
සිද්ධියට අදාළව නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට සහ පීඩාවට පත් පාර්ශ්වයන්ට යුක්තිය ඉටු කිරීමට රජය බැඳී සිටින බවත්, පරීක්ෂණ වාර්තාව ලැබුණු පසු ඉදිරි පියවර ගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.
















