ග්‍රාමීය ප්‍රදේශ සවිබල ගැන්වීම සහ පළාත් පාලන ආයතන ස්වාධීන ආර්ථික ඒකක බවට පත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘පුනරුදයේ පුරවර’ ජාතික වැඩසටහන යටතේ ආදායම් උත්පාදන ව්‍යාපෘති 100කට අධික ප්‍රමාණයක සමාරම්භක උත්සව අද (14) පැවැත්වෙන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
මධ්‍යම රජයේ ප්‍රතිපාදන මත පමණක් යැපීමෙන් තොරව පළාත් පාලන ආයතන ස්වයංව නඟාසිටුවීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,500ක ප්‍රාග්ධන ප්‍රදානයක් වෙන් කර ඇති අතර, සංචාරක පහසුකම්, සූර්ය බලශක්ති පද්ධති, විදුලි වාහන ආරෝපණ මධ්‍යස්ථාන, වෙළඳ සංකීර්ණ, රථගාල්, වී වේළන මධ්‍යස්ථාන සහ ක්‍රීඩාගාර ඇතුළු අංශ රැසක් යටතේ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක වේ. මෙම හරහා පළාත් පාලන ආයතනවල මූල්‍ය ස්වාධීනත්වය තහවුරු වන අතරම ප්‍රාදේශීය ජනතාවගේ ජීවන තත්ත්වය ද ඉහළ යනු ඇතැයි රජය අපේක්ෂා කරයි.














