”පුනරුදයේ පුරවර” ජාතික වැඩසටහන යටතේ දිවයින පුරා ග්‍රාමීය ජනතාවගේ ගමනාගමන සහ භාණ්ඩ ප්‍රවාහන දුෂ්කරතා විසඳීම උදෙසා ග්‍රාමීය පාලම් 881ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද (14) ආරම්භ කෙරේ.
සිව් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක මෙම වැඩසටහන යටතේ, මේ වසරේ අයවැයෙන් වෙන්කළ ප්‍රතිපාදන භාවිතයෙන් පළමු අදියර ලෙස රුපියල් මිලියන 1,050ක වියදමින් පාලම් 100කට අධික සංඛ්‍යාවක් සංවර්ධනය කෙරෙන අතර, ඉන් පාලම් 38ක ඉදිකිරීම් අද ආරම්භ වීමට නියමිතය.
මෙම ව්‍යාපෘතියේ සමාරම්භක උත්සව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කුරුණෑගල, රිදීගමදී ද, නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතාගේ ප්‍රධානත්වයෙන් හම්බන්තොට, සූරියවැවදී ද පැවැත්වීමට නියමිත වේ.














