ඉන්දියාවේ පූනේ නගරයේ ලොහගාඩ් කොටුව අසල ප්‍රපාතයකට වැටී 26 හැවිරිදි තරුණ ව්‍යාපාරිකයෙකු වූ කේතන් අගර්වාල් මියයාමේ පුවතක්, දරුණු මිනීමැරුම් කුමන්ත්‍රණයක් බවට පොලිස් පරීක්ෂණවලින් හෙළි වී තිබේ. පසුගිය ජූනි 18 වැනිදා සිදු වූ මෙම මරණය මුලින් කඳු නැගීමේදී සිදු වූ අවාසනාවන්ත අනතුරක් ලෙස සලකා තිබුණ ද, පසුව ඔහුගේ මනමාලිය වන සියා ගෝයල් සහ ඇගේ අනියම් පෙම්වතා වන චේතන් චෞද්රි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සියා සහ චේතන් එක්ව කේතන්ව ඝාතනය කිරීමට මීට පෙර ද කිහිප වතාවක්ම උත්සාහ කර ඇති බව පොලිසිය පවසයි. සෙල්සියස් අංශක 33ක තද රශ්නයක් ඇති දිනයක, හිස්වැසුම් සහිත කබායක් (Hoodie) ඇඳගෙන සැකකටයුතු ලෙස හැසිරුණු පෙම්වතාව සීසීටීවී (CCTV) දර්ශන ඔස්සේ හඳුනා ගැනීමට හැකි වීම මෙම සූක්ෂ්ම ඝාතනය හෙළි කර ගැනීමට ප්‍රධානතම හේතුව වී ඇත. මේ වසරේ අගභාගයේදී විවාහ වීමට සිටි කේතන්, පූනේ නුවර ප්‍රමුඛ පෙළේ දේපළ වෙළඳාම් ව්‍යාපාරයක අධ්‍යක්ෂවරයෙකි.
















