පොලිස් විශේෂ කාර්ය බලකායේ මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද බුද්ධි තොරතුරකට අනුව, පසුගිය (14) දින පුදුකුඩිඉරිප්පු පොලිස් වසමේ කෝම්බාවිල් ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී බලපත්‍ර නොමැතිව සන්තකයේ තබාගෙන තිබූ රජයේ මත්පැන් තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු සන්තකයේ තිබී ‘Green Apple’ වර්ගයේ 180 ml බෝතල් 3,999ක් සහ ‘හිඟුරාන විශේෂ’ අරක්කු 180 ml බෝතල් 1,575ක් වශයෙන් මුළු මත්පැන් බෝතල් 5,574ක් සොයාගෙන තිබේ. මෙහි සමස්ත වටිනාකම රුපියල් ලක්ෂ තිස් තුනකට ආසන්න බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
කෝම්බාවිල්, පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මුලතිව් සුරාබදු කාර්යාලය වෙත භාර දී ඇත.














