තීරු බදු නොගෙවා නීති විරෝධී ලෙස මෙරටට ගෙන එන ලද වියළි කහ කිලෝග්‍රෑම් 994කට අධික තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් සමත්ව තිබේ.
පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී සිදුකළ විශේෂ වැටලීමකදී මෙම කහ තොගය සොයාගෙන ඇත. එහි තිබී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 994යි ග්‍රෑම් 150ක් පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු සහ කහ තොගය සම්බන්ධයෙන් පුත්තලම පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.














