සතුන් දඩයම් කිරීම සඳහා මීඔය රක්ෂිතයේ දඩයම්කරුවකු අටවා තිබූ පුපුරන ද්‍රව්‍ය යොදා සකස් කරන ලද හක්කපටස් එකක්, නිවසේ සුරතලයට ඇති කරන සුනඛයා රැගෙන පැමිණ තිබියදී එයට තීන්ත ආලේප කිරීමට යොදා ගන්නා පින්සලකින් තට්ටු කිරීමට යාමේදී පුපුරා ගොස් ඇත. මෙම අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය සඳහන් කරයි.
තුවාල ලැබූ එක් කාන්තාවක් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර, 70 හැවිරිදි අනෙක් කාන්තාව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු රෝහලින් පිටත්ව ගොස් ඇති බව පුත්තලම මූලස්ථාන පොලිස් නිලධාරියෙක් පවසයි.














