පුත්තලම, නොරොච්චෝල ප්‍රදේශයේ දළුව මෝය කටේ දිය නෑමට ගිය තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙකු අවාසනාවන්ත ලෙස දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මෙලෙස ඛේදජනක ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 18 සහ 19 යන වයස්වල පසුවන තරුණියන් දෙදෙනෙකු සහ 24 හැවිරිදි තරුණයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් නොරොච්චෝල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
















