පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ නිල්අඩි ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යටවීම නිසා එම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට පියවර ගෙන ඇත.
අද (13) සහ හෙට (14) යන දෙදින තුළ පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය හලාවත දුම්රිය ස්ථානයට පමණක් සීමා වේ. අද (13) දින ධාවනය වීමට නියමිතව තිබූ පුත්තලම කාර්යාල දුම්රිය ඇතුළු අනෙකුත් සියලුම දුම්රියන් කොළඹ කොටුව සිට හලාවත දක්වා පමණක් ධාවනය කෙරේ. හෙට (14) දින උදෑසන එම දුම්රියන් සියල්ල හලාවත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කිරීමට නියමිතය. හලාවත සහ පුත්තලම අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව ඉදිරියේදී දැනුවත් කිරීමට බලධාරීන් කටයුතු කරනු ඇත.














