කටාර් රාජ්‍යයෙන් තෑගි ලැබුණු සුඛෝපභෝගී බෝයිං 747 යානයේ ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා ජනාධිපතිවරයා විනාඩි කිහිපයක් හෙලිකොප්ටරය තුළ රැඳී සිටියි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා භාවිත කරන, කටාර් රාජ්‍යයෙන් තෑගි ලෙස ලැබුණු ‘එයාර් ෆෝස් වන්’ (Air Force One) බෝයිං 747 ගුවන් යානයේ හදිසි අවස්ථාවලදී බැස යාමට භාවිත කරන පිම්බෙන ලිස්සුම් මගක් (Inflatable Slide) අහඹු ලෙස දිගහැරීම හේතුවෙන් එම යානයේ ගමන ප්‍රමාද වී තිබේ. ටෙක්සාස් හි ඩැලස් නුවර බලා පිටත්වීමට නියමිතව තිබියදී ජොයින්ට් බේස් ඇන්ඩෲස් ගුවන්තොටුපොළේදී හමුදා නිලධාරීන් අතින් අහම්බෙන් මෙම සිදුවීම සිදුව ඇති බව වාර්තා වේ.
පසුව අදාළ කොටස ඉවත් කර පරීක්ෂා කිරීමෙන් අනතුරුව යානය ටෙක්සාස් බලා පිටත්ව ගොස් ඇති අතර, කටාර් රාජකීය පවුලෙන් ලැබුණු මෙම ඩොලර් මිලියන ගණනක් වටිනා යානයේ ආරක්ෂාව පිළිබඳව මීට පෙර ද රාජ්‍යතාන්ත්‍රික සහ තාක්ෂණික මට්ටමේ ගැටලු රැසක් මතු වී තිබුණි.














