ළමා පිළිකා පිළිබඳ දැනුවත් කිරීමේ මාසය වෙනුවෙන් පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය සංජීව ගුණසේකර මහතා මේ බව ප්‍රකාශ කළ අතර, යම් දරුවෙකුට පැහැදිලි කළ නොහැකි රෝග ලක්ෂණ තුනක් පමණ තිබේ නම් හෝ එකම රෝගයක් මාස ගණනක් සුව නොවී පවතී නම් එය පිළිකා තත්ත්වයක් ලෙස සැක කළ හැකි බව ඒ මහතා පෙන්වා දී තිබේ. ළමයින් අතර බහුලම පිළිකා රෝගය වන්නේ ලියුකේමියාව වන බැවින්, රෝග ලක්ෂණ කඩිනමින් හඳුනාගෙන ප්‍රතිකාර වෙත යොමු වීමෙන් දරුවන්ගේ ජීවිත බේරා ගැනීමට හැකි වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර ඇත.













