• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 අළුයම 4.00 දක්වා – කොවිඩ් මර්දන විශේෂ කමිටුව

10 September 2021
in දේශීය

මේ වන විට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය සැප්තැම්බර් 21 අළුයම 4.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) පෙරවරුවේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේ දී මෙම තීරණයට එළැඹිණ.

එන්නත්කරණ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මූලිකව සාකච්ඡාවට ලක් විය. දෙවන මාත්‍රාව සඳහා අවශ්‍යව ඇති ස්පුට්නික් (Sputnik) එන්නත් මාත්‍රා එක්ලක්ෂ විසිදහසක ප්‍රමාණය ඉදිරි සතිය ඇතුළත ලැබීමට නියමිත බව කොවිඩ් කමිටු සාමාජික විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේය.

කොවිඩ් ආසාධිතව මිය ගිය පිරිසෙන් ඉහළ ප්‍රතිශතයක් අවුරුදු 60ට වැඩි වයස් ඛාණ්ඩයට අයත් වන අතර ඉන් වැඩි දෙනෙක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා නොගත් අය බව සෞඛ්‍ය බලධාරීන් විසින් පෙන්වා දෙනු ලැබිණ.

එම නිසා ජංගම එන්නත්කරණ වැඩසටහන අඛණ්ඩව ක්‍රියාවට නංවමින් එන්නත් ලබා ගැනීමට පැමිණිය නොහැකි වයස අවුරුදු 60ට වැඩි සහ විවිධ රෝගාබාධවලට ලක්ව ඇති පිරිසට එන්නත ලබාදීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය. එන්නත ලබා ගැනීමට පසුගාමී වන පිරිස එන්නත ලබා ගැනීම සඳහා දිරිමත් කළයුතු බව ජනාධිපතිතුමා පැවසීය.

සිය අස්වනු දෛනිකව වෙළඳපොළට නිකුත් කිරීමට නොහැකිවීමෙන් එළවළු ගොවීහු දැඩි අපහසුතාවට පත්ව සිටිති. මේ නිසා දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන අඛණ්ඩව විවෘතව තැබීමට තීරණය කෙරිණ.

2020 සහ 2021 වසරවල පාසල් නොපැවැත්වීමෙන් ලක්ෂ 07කට ආසන්න දරුවන් පිරිසකට ප්‍රාථමික අධ්‍යාපනයත්, එවැනිම දරුවන් සංඛ්‍යාවකට පූර්ව ළමා විය අධ්‍යාපනයත් අහිමිවීමෙන් සිදුව ඇති බලපෑම සාකච්ඡාවට ලක් විය.

සිසුන් 100ට අඩු පාසල් 3,000කට අධික සංඛ්‍යාවක් ග්‍රාමීයව විහිදී පවතී. ඒ අනුව පළමුව එම පාසල් විවෘත කිරීමට ඇති හැකියාව පිළිබඳව කඩිනම් නිර්දේශයක් ලබාදීම සෞඛ්‍ය සහ අධ්‍යාපන නිලධාරීන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් වෙත පැවරිණ.

අමාත්‍යවරුන් වන බැසිල් රාජපක්ෂ, කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහප්පෙරුම, පවිත්‍රා වන්නිආරච්චි, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, රෝහිත අබේගුණවර්ධන, රමේෂ් පතිරණ, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ , සිසිර ජයකොඩි, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන යන මහත්ම මහත්මීහු සහ ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති සහ කොවිඩ් මර්දන විශේෂ කමිටුවේ සාමාජිකයෝ, පළාත් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරු මේ අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 9
Previous Post

මිලියන 10 ක ජනතාවට වැක්සින් කර අවසන් – ඇමැති රෝහිත

Next Post

නීති විරෝධිව මෙරට ගෙන ආ වියලි කහ ඇතුළු තවත් භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට

editor

editor

Next Post

නීති විරෝධිව මෙරට ගෙන ආ වියලි කහ ඇතුළු තවත් භාණ්ඩ තොගයක් සමඟ සැකකරුවන් 05ක් නාවික හමුදා භාරයට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved