කැනඩාවේ ක්විබෙක් පළාත් මැතිවරණයෙන් ස්වාධීනත්වයට සහාය දක්වන Parti Québécois පක්ෂය වැඩිම ආසන සංඛ්‍යාවක් දිනාගෙන තිබේ. Paul St-Pierre Plamondon නායකත්වය දරන එම පක්ෂය ආසන 127ක National Assembly එකෙන් ආසන 59ක් දිනාගෙන ඇති අතර, ඒ අනුව වසර 12කට පමණ පසු යළි ක්විබෙක්හි බලයට පැමිණ තිබේ.
කෙසේ වෙතත්, බහුතර ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන 64 ලබා ගැනීමට PQ සමත්වී නොමැති බැවින් නව රජය සුළුතර ආණ්ඩුවක් වනු ඇත. එම නිසා ප්‍රධාන නීති සම්මත කර ගැනීම සහ විශ්වාස ඡන්දවලදී අනෙකුත් පක්ෂවල සහාය ලබා ගැනීමට එම ආණ්ඩුවට සිදුවනු ඇත.
මැතිවරණ ප්‍රචාරණයේදී Plamondon ක්විබෙක්හි කැනඩාවෙන් වෙන්වීම පිළිබඳ තුන්වැනි ජනමත විචාරණයක් පැවැත්වීමට පොරොන්දු වී තිබේ. කෙසේ වෙතත්, එම ජනමත විචාරණය ඇමරිකානු ජනාධිපති Donald Trumpගේ ධුර කාලය අවසන් වන 2029 ජනවාරි දක්වා ප්‍රමාද කරන බව ඔහු පවසා ඇත.














