27 April 2024
#දේශීය

ලොකු ලුණු වගාකරන ගොවින්ට කඩිනමින් විසදුම් – මධ්‍යම පලාත් ආණ්ඩුකාර

මාතලේ දිගම්පතහ ලොකු ලුණු බිජ නිෂ්පාදනය කරන ගොවින්ගේ ගැටලු සදහා ඉක්මන් විසදුම් ලබා දෙන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කළේ ඊයේ (30) දඹුල්ල දිගම්පතහ ප්‍රදේශයේ ලොකු ලුණු වගාවන් නිරික්ෂණය සහ බිජ නිෂ්පාදනය කර ගොවින් පිරිසක් හමුවිමට ගිය අවස්ථාවේදිය.

මෙහිදි ආණ්ඩුකාරවරයා වෙත කරුණු දැක්වු ගොවින් කියා සිටියේ බිජ නිෂ්පාදනය කිරිමට අවශ්‍ය පොහොර ලබා නොදිම හේතුවෙන් බිජ නිෂ්පාදනය කිරිමේ නොහැකි තත්වයක් පැන නැගි ඇති බවත් පොහොර ලබා නොදිම හේතුවෙන් ගොවින් මෙවර ලොකු ළුැණු වගා කිරිමට මැලිකමක් දක්වන බවත් මේ නිසා තම බිජ අලෙවි කර ගැනිමට නොහැකි වි ඇති බවයි.

මෙම අවස්ථාවේදිම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දුරකතනයෙන් සම්බන්ධකරගනිමින් ආණ්ඩුකාරවරයා ගොවින්ගේ ගැටලු ඉදිරිපත් කළ අතර එහිදි අමාත්‍යවරයා කියා සිටියේ බිජ නිෂ්පාදනය සදහා අවශ්‍ය පොහොර ගෙන්විමට කටයුතු කරන බවත් ලොකු ලුණු බිජ කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව මගින් ගොවින්ගෙන් මිලදි ගැනිමට කටයුතු කරන බවයි.

අදහස් දැක්වු ආණ්ඩුකාරවරයා කියා සිටියේ ගොවින් මුහුණදෙන ගැටලු පිළිබදව නිලධාරින් සමග සාකච්ඡා කර විසදුම් ලබා දිමට කටයුතු කරන බවත් 2022 වසරේ මාතලේ දිස්ත්‍රික්කයේ ලොකු ලුණු වගාව හෙක්ටයාර් 2200 ක් වගා කිරිමට පළාත් කෘෂිකර්ම දෙපාර්තමෙන්තුව ඉලක්කර කර ඇති බවත් එයින් අස්වැන්න මෙට්ට්‍රික් ටොන් 55000ක් අපෙක්ෂා කරන බවත් බිජ නිෂ්පාදනය ලෙස කිලෝ ගැම් 15300ක් අපෙක්ෂා කරන බවද මෙහිදි පැවසිය.

මෙම අවස්ථාව සදහා මධ්‍යම පළාත් සභාපති ඇල්.ඩි නිමලසිරි,ආණ්ඩුකාර ලේකම් ඇන්ටන් තිලකරත්න,මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම් සුජාතා විජේසිිංහ යන මහත්ම මහත්මින් පිරිසක් සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *