රජයේ රෝහල් වෙත හඳුන්වා දී ඇති නවීන වෛද්‍ය උපකරණ ඵලදායී ලෙස භාවිත කිරීමට විකිරණ තාක්ෂණවේදීන්ගේ සහ අනෙකුත් අනුබද්ධ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ දැඩි හිඟයක් බාධාවක්වී ඇති බව රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක දර්මවික්‍රම මහතා පවසයි.
මෙම සිදුවීමට අදාළ ප්‍රධාන කරුණු ලෙස, දිවයින පුරා විකිරණ තාක්ෂණවේදීන්ගේ පුරප්පාඩු 800ක් පමණ පවතින බවත්, 2012 වසරින් පසු අනුමත සේවක සංඛ්‍යාව යාවත්කාලීන කර නොමැති වීම මෙන්ම ආසියා සංවර්ධන බැංකුව සහ ජයිකා (JICA) ආධාර යටතේ සීටී (CT), එම්.ආර්.අයි. (MRI) ස්කෑන් සහ කැත් ලැබ් වැනි නවීන උපකරණ ගෙන ආවද ඒවා ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් පුහුණු කාර්ය මණ්ඩලයක් නොමැති බවත් හෙතෙම පෙන්වා දී තිබේ. එබැවින්, පේරාදේණිය, කොළඹ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලවලින් මේ වසරේ (2026) උපාධිය ලබා පිටවන විකිරණ තාක්ෂණවේදීන් වහාම සෞඛ්‍ය අංශයට බඳවා ගන්නා ලෙස ඒ මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්සා සිටී.














