සමාජ මාධ්‍ය ඔස්සේ මෙන්ම රට තුළද දැඩි ලෙස කතාබහට ලක්වූ රාජාංගනයේ සද්ධාරතන හිමියන් ශාසනයෙන් නෙරපීමෙන් පසුව, උන්වහන්සේ සිය විහාරස්ථානයෙන් නික්ම ගොස් ඇති බව වාර්තා වේ.
පන්සලෙන් නික්ම යන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් සහ දායක දායිකාවන් විශාල පිරිසක් විහාරස්ථානයට රැස්ව සිටි අතර, උන්වහන්සේ විහාරස්ථානයෙන් නික්ම නොගොස් එහිම රැඳී සිටින ලෙස දායකයින් හඬා වැටෙමින් දැඩි ලෙස ඉල්ලා සිටියහ.කෙසේවෙතත්, ගම්වැසියන්ගේ එම දැඩි ඉල්ලීම් නොතකා, සංඝ සභාවේ තීරණයට ගරු කරමින් උන්වහන්සේ විහාරස්ථානය හැරදා නික්ම යාමට කටයුතු කළහ. සමාජය තුළ විවිධ මතභේදයන්ට තුඩු දුන් චරිතයක් වුවද, උන්වහන්සේ පන්සලෙන් නික්ම යන අවස්ථාවේ ගම්වැසියන් දැක්වූ මෙම සංවේදී ප්‍රතිචාරය පිළිබඳව මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් ඇතිවී තිබේ.
















