රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතා අද (29) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ගැටුමක් හේතුවෙන් පසුගිය 25 වනදා යාපනය, පෙරියවිලාන් ප්‍රදේශයේදී ගිනිඅවියක් අතැතිව කාන්තාවකට තර්ජනය කිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට චෝදනා එල්ල වී තිබේ.
ඉලවාලෙයි පොලිසිය මගින් පසුගිය 27 වනදා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද (29) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබුණි.














