අපවත් වී වදාළ ප්‍රවීණ ලේඛක, කවි සකලකලාචාර්ය පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමිපාණන්ගේ දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (අගෝස්තු 21) පස්වරුවේ රාජ්‍ය අනුග්‍රහයෙන් දෙහිවල සරණංකර ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතය.
උන්වහන්සේගේ ශ්‍රී දේහය මේ වන විට වැල්ලවත්ත ශ්‍රී සුදර්මාරාම විහාරස්ථානයේ තැන්පත් කර ඇති අතර, දිවයිනේ නන් දෙසින් පැමිණෙන ගිහි පැවිදි පිරිස් උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා සහභාගී වෙමින් සිටිති. සම්බුද්ධ ශාසනයට, සාහිත්‍යයට සහ සමාජයට විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ උන්වහන්සේගේ අපවත් වීම සම්බන්ධයෙන් දේශපාලනඥයන් මෙන්ම දහස් සංඛ්‍යාත ජනතාවක් සිය බලවත් ශෝකය ප්‍රකාශ කර ඇත.














