රණවිරු සෙවණ පුනරුත්ථාපන මධ්යස්ථානයේ සහ සුවසහන නිකේතනයන්හී නේවාසිකව ප්රතිකාර ලබන පුනරුත්ථාපනලාභීන්ගේ කලා කුසලතාවන් නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද චිත්ර සහ අත්කම් නිර්මාණ ප්රදර්ශනයක් කොළඹ 07 ‘The Grand Maitland’ හිදී පැවැත්විණි.
ආරක්ෂක නියෝජ්ය අමාත්ය විශ්රාමික මේජර් ජෙනරාල් කේ. පී. අරුණ ජයසේකර සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්රේමරත්න යන මහත්වරුන්ගේ ප්රධානත්වයෙන් මෙම ප්රදර්ශනය විවෘත කෙරුණු අතර, එහිදී රණවිරුවන් විසින් නිර්මාණය කරන ලද විචිත්රවත් චිත්ර සහ අත්කම් නිර්මාණ ඔවුන්ගේ නිරීක්ෂණයට ලක් විය.
















