එදා බෙදී වෙන් වූ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන එක්සත් ජාතික පක්ෂය (එජාප) සහ සමගි ජන බලවේගය (සජබ) නැවත එක්වී රටේ නව ගමනක් ආරම්භ කළ යුතු බවට වර්තමානයේ රටේ ජනතාව ඉල්ලා සිටින බව සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියි.
ඔහු ඉතා පැහැදිලිව සහ වගකීමෙන් යුතුව ප්‍රකාශ කර සිටින්නේ, ඉතා කෙටි කාලයක් ඇතුළත රනිල් වික්‍රමසිංහ මහතා සහ සජිත් ප්‍රේමදාස මහතා එකතු වීමට නියමිත බවයි. එලෙස මෙම ප්‍රධාන පක්ෂ දෙක එකතු වී, රටේ එම ජයග්‍රාහී ගමන නිල වශයෙන් ආරම්භ කරන බව මහලේකම්වරයා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
















