27 April 2024
#දේශීය

පුටුව ගැන කතා කරන්න රනිල්… කථානායක හමුවක් !

එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන රනිල් වික්‍රමසිංහ කථානායකවරයා හමුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

ඔහුගේ විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන්නා අප වෙත කියා සිටියේ මේ වන විට රනිල් වික්‍රමසිංහ හට අසුන් ගැනීමට ඉඩ ඇත්තේ අනුර කුමාර දිසානායක අසල බවයි.

බොහෝ අවස්ථාවලදී අනුර හා රනිල් අතර ඩිල් ඇති බවත් දේශපාලනඥයින් විසින් විවිධ කතා බහට ලක් වී ඇත.

එසේම අනුර කුමාර දිසානායක රනිල්ගේ කෙනෙකු යැයි ද විවිධ චෝදනා එල්ල වෙයි. එමෙන්ම යහපාලනය ආණ්ඩුව සමයේදී අනුර කුමාර දිසානායක විසින් රනිල් වික්‍රමසිංහව දැඩි ලෙස චෝදනා එල්ල කරමින් එකල ආණ්ඩුව විවේචනය කිරීමට කටයුතු කල අයෙකි.

මෙවැනි කරුණු හේතු වෙන් හා තමන්ගේ පාර්ලිමේන්තු අසුන තමන්ට සුදුසු ස්ථානයට අවශ්‍ය බව ඉල්ලීමට රනිල් වික්‍රමසිංහ විසින් කථානායකවරයා හමුවීමට නියමිත බව වාර්තා වේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *