• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

මෘත දේහයන් අදාහනය වැනි සංවේදි ප්‍රශ්න අවුල් නොකරන්නැයි රනිල් ආණ්ඩුවට කියයි

23 December 2020
in දේශීය

කොවිඩ් 19 මෘත දේහයන් සම්බන්ධයෙන් ආණ්ඩුව තීන්දුවක් ගතයුත්තේ සියළු ජනකොටස් සමග සාකච්ඡා කිරිමෙන් පසුව බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ මහතා අද (23) සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීම අමතමිනි.

මෘත දේහයන් අදාහනය කරන්නේ ද භූමදානය කරන්නේ ද යන්න තීන්දු කිරිම ඒ ඒ ජනකොටස්වල අයිතිවාසිකමක් බව හෙතෙම පැවසිය.

විශේෂ අවස්ථාවකදී රජය ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට පෙර බෞද්ධ, හින්දු, මුස්ලිම් ආගමික නායකයින් සමග සාකච්ඡා කළයුතුව තිබූ බවත් රනිල් වික්‍රමසිංහ මහතා පැවසිය.

එහිදී රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ අදහස් පල කළේය “ කතෝලික ජනතාවත් මෘත ශරීර භූමදානය කරනවා. මුස්ලිම් ජනතාවත් මෘත දේහයන් භූමදානය කරනවා. මේක ඔවුන්ගේ ආගමික විශ්වාස මත කරනා දෙයක් බැවින් අපි එම විශ්වාසයන්ට ගරු කරනවා. එය ආගමික අයිතිවාසිකමක්. එක්සත් ජාතික පක්ෂය හැමදාම ජාතීන් අතර සංහිදියාව පිළිගත් පක්ෂයක්. බෞද්ධ මෙන්ම හින්දු ජනතාවත් භුමදානය කරන අවස්ථා තියෙනවා. ඔවුන් මෘත දේහයන් ආදහනය කරන අවස්ථාත් තියෙනවා. ඒ අයිතිවාසිකමත් අපි පිළිගන්න ඕනා. අතිඋතුම් මැල්කම් රංජිත් කාදිනල්තුමා ප්‍රකාශ කළ ආකාරයට මෙය අතිශයින්ම පෞද්ගලික අයිතිවාසිකමක්. ජනතාවගේ මුලික අයිතියක්. කොවිඩ් වසංගතය හමුවේ මෘත දේහයන් භුමදානය කරන්නේද අදාහනය කරන්නේ ද යන්න පිළිබදව ගැටළුවක් මතු නොවන ආකාරයට විසදීම ආණ්ඩුවේ වගකීමක්. මේ ප්‍රශ්නයේදි ජනතාව ආගමකට අනුව වෙන් කිරිම නොකළ යුතු දෙයක්. ජනතාව ජාතිය, ආගම, කුලය අනුව වෙන් නොකර පවතින සැබෑ තත්ත්වය ගැන ආගමික නායකයන් සමග සාකච්ඡා කළ යුතුයි. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අවශ්‍යතාවය ගැන අනිවාර්යයෙන්ම අවධානය යොමු කරන්න අවශ්‍යයි. එතනදි ඔවුන්ගේ අවශ්‍යතාවය පිළිබදව බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් සංස්කෘතික දෙපාර්තමේන්තු සමග සාකච්ඡා කොට තීරණයක් ගැනීමයි කාලෝචිත වන්නේ. සංස්කෘතික දෙපාර්තමේන්තු සේම මෙම සාකච්ඡාවන්ට ආගමික නායකයින් ද සම්බන්ධ කර ගත යුතුයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සේම කොරියාව, ඉන්දියාව, ජර්මනිය යන රටවල් මේ කාරණය සම්බන්ධයෙන් කටයුතු කර ඇති ආකාරය විමසා බැලීම වැදගත්. සෞඛ්‍ය අංශ කියන කාරණය අපි ඉහළින්ම පිළිගන්නවා. එම නිසා සියළු පාර්ශව සමග සාකච්ඡා කොට අවසන් විසදුමකට එනවා විනා ඒකපාර්ශවිකව, අන්තගාමිව කටයුතු කොට මෙවැනි සංවේදි ප්‍රශ්න අවුල් නොකරණ ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

Post Views: 10
Previous Post

විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණ සහතිකය ජනපතිට පිළිගන්වයි

Next Post

කිසිසේත්ම නිරෝධායන නීතිය පනවන්නේ නෑ – යුධ හමුදාපති

editor

editor

Next Post

කිසිසේත්ම නිරෝධායන නීතිය පනවන්නේ නෑ - යුධ හමුදාපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved