අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක මහත්මියගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාව වෙත පැමිණියහ.
කලක් රෝගාතුරව ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 10 වැනිදා අලුයම කළුබෝවිල ශික්ෂණ රෝහලේදී ඇය අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට ඇය 80 වැනි වියේ පසු වූ අතර, ඇයගේ දේහය මේ වන විට බොරැල්ලේ පිහිටි පෞද්ගලික මල් ශාලාවක මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇත. ප්‍රවීණ ගායන ශිල්පිනියගේ අවසන් කටයුතු අද (13) දින පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
















