හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පොදු දේපොළ පනත යටතේ ගොනුකර ඇති නඩුව අද (29) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි කැඳවීමට නියමිතව තිබේ.
රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රදාන උත්සවයකට සහභාගි වීම සඳහා ලන්ඩනය බලා යාමට රජයේ මුදල් අවභාවිත කළ බවට මෙම පැමිණිල්ල මගින් චෝදනා කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පසුගිය අප්‍රේල් 24 වන දින මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය විසින් කරන ලද ලිඛිත ඉල්ලීමකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇයගේ නිවසටම ගොස් මෙම ප්‍රකාශය සටහන් කරගත් බව වාර්තා වේ.














