ශ්‍රී ලංකාවට 2027/28 වසර වන විට යළි ණය ගෙවීම ආරම්භ කිරීම සඳහා අරමුදල් සපයා ගැනීමට සිදු වන බැවින්, තවත් ආර්ථික අර්බුදයක් ඇති වීම වැළැක්වීම සඳහා දැවැන්ත අභියෝගයකට මුහුණ දීමට සිදු වී ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
කොළඹදී පැවති ග්‍රන්ථ එළිදැක්වීමකදී අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, ණය ගෙවීම ආරම්භ කිරීමට නම් රටේ විදේශ සංචිත ඩොලර් බිලියන 15 දක්වා වැඩිකර ගැනීමට සහ ඩොලර් බිලියන 3ක බැඳුම්කර නිකුත් කිරීමට සිදු වන බවයි. එහෙත් මහ බැංකුව පවසන්නේ විදේශ සංචිත ඩොලර් බිලියන 8 දක්වා පමණක් වැඩි වන බව වන අතර, ණය ගෙවීම ආරම්භ කිරීම සඳහා ඉතිරි මුදල සොයා ගන්නේ කෙසේදැයි ඔහු එහිදී ප්‍රශ්න කළේය.














