මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර වීදි සංචාරය මේ වන විට ආරම්භ වී තිබේ. පෙරහර දළඳා වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය සහ රජ වීදිය ඔස්සේ ගමන් කර යළි දළදා මාලිගයට පිවිසීමට නියමිතය.
අද දින පෙරහරේ කරඬුව වැඩමවීමේ භාග්‍යය හිමිව ඇත්තේ ඉන්දිරාජා හස්තියාට වන අතර, මියන්රාජා සහ කෝට්ටේ රාජා දෑලේ ඇතුන් ලෙස ගමන් කරයි.














