27 April 2024
#දේශීය

නියෝජ්‍ය කථානායක ලෙස රංජිත් සියඹලාපිටිය තේරී පත්විය

නියෝජ්‍ය කථානායක ධූරය සඳහා රංජිත් සියඹලාපිටිය මන්ත්‍රීවරයා තේරී පත් විය.

අද (05) නියෝජ්‍ය කථානායක ධූරය සඳහා නම් දෙකක් ඉදිරිපත් වීම හේතුවෙන් මෙලෙස ඡන්දයකට යෑමට සිදුවිය.

ඒ අනුව කෑගලු දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සියඹලාපිටිය මහතාගේ නම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් යෝජනා කළ අතර, එය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා විසින් ස්ථීර කළේය.

විපක්ෂ වෙනුවෙන් ඉමිතියාස් බාකිර් මාකර් මහතාගේ නම සමගි ජන බලවේගයේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසින් යෝජනා කළ අතර එම යෝජනාව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ස්ථීර කළේය.

නියෝජ්‍ය කථානායක ධූරයට නම් දෙකක් යෝජනා වීම හේතුවෙන් ඡන්ද විමසීමක ට යෑමට සිදුවන බව ඒ අනුව කථානායකවරයා සඳහන් කළේය.

ඒ් අනුව රංජිත් සියඹලාපිටිය මහතා ඡන්ද 148 ‍ඡන්ද ලබා ගත්තේය.

ඉමිතියාස් බාකිර් මාකර් 65 ක් ද , අවලංගු වු ඡන්ද සංඛ්‍යාව 03  ප්‍රතිඵල නිකුත් විය. 

Leave a comment

Your email address will not be published. Required fields are marked *