රුපියල් කෝටි 2කට අධික වටිනාකමකින් යුත් හෑෂ් (Hashish) මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු රත්මලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. ගල්කිස්ස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ විශේෂ වැටලීමකදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
වැටලීමේදී සැකකරු සතුව තිබී හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 125ක ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 29 හැවිරිදි තරුණයෙකු වන අතර, මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ ජාලය සහ සෙසු සැකකරුවන් අනාවරණය කරගැනීම සඳහා ගල්කිස්ස අපරාධ විමර්ශන අංශය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරයි.
















