විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ නොපමාව සිදුකර අධිකරණයට වාර්තා කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතරසිංහ මහතා අද (12) පොලිසියට නියම කළේය. ඒ අනුව මෙම මරණ පරීක්ෂණයට අදාළ තීන්දුව ලබාදීම එළඹෙන ජූලි මස 31 වැනිදා දක්වා කල් තැබීමට ද මහේස්ත්‍රාත්වරයා පියවර ගත්තේය.
මියගිය රංග රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යාංශයට අයත් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා, ඒ වන විට සේවය තහනමකට ලක්ව සිටි නිලධාරියෙකි. මෙම පසුබිම තුළ ඔහුගේ මරණය පිළිබඳව විධිමත් විමර්ශනයක් පවත්වා වාර්තා ඉදිරිපත් කරන ලෙස අධිකරණය පොලිසියට මෙලෙස නියෝග කර තිබේ.
















